Full width home advertisement

ආදරණීය ලිපි පෙළ

අත්දැකීම් සමග ජීවිතය

Post Page Advertisement [Top]




සුදු නෝනා නැගිටින්න මම වැඩට යන්න හදන්නේ 😍
( මන් කසාද බැදපු මගේ බිරිඳ නිදි තාමත් කසාද බැදලා මාසයක් වෙනවා උඹ හැදිලා නෑ තාමත් මැණික )

මල වදයක්නේ ඉතින් යනවකෝ මට වද නොදී 😠😠

සුදු නෝනා ඔයා දැන් ඉස්සර වගේ නෙමෙයි කසාද බැදලා වගකීම් තියෙන ගැණියක් තේරුණාද 😙😙

මේ මම කොහොමද ගෑනියෙක් වෙන්නේ මම තාමත් ගෙදරින් ආපු විදිහටම ඉන්නවා මම කෙල්ලෙක් 😏
මට නිති දාන්න ඔයා කවුද ??

(ඔවු එක ඇත්ත අපි නීතියෙන් විතරයි අඹු සැමියෝ ගතින් අඹු සැමියෝ නෙමෙයි )

මම ඔයාව ඔයාගේ අක මැත්තෙන් අල්ලන්නේ වත් නෑ සුදු නෝනා ... අනික මම ඔයාගේ කවුද ඇහුවානේ මම ඔයාගේ මහත්තයා මෙහෙම කිව්වොත් හස්බන් මම ඔයාගේ තේරුණාද මැණික 😍.

මල විකාර 😏😏

හරි හරි ඔච්චර නපුරු වෙන්න එපා අන්න මම උදේට නුල්ඩීස් හදලා ඇතියි කන්න පරිස්සමෙන් ඉන්න මම ගිහින් එන්නම් 😍😍

(උඹ ඔච්චර නපුරු වෙන්න එපා මැණික මට වාවන්නෙ නෑ එතකොට . මටත් අසයි උඹේ අතින් හදපු බත් එකක් අරන් වැඩට යන්න එත් කමක් නෑ . මට පුළුවන් උඹට දෙකක් දීලා නපුරු කම යවන්න එත් මම කැමති නෑ ගෑනියෙක්ට අත උස්සන්න මොකද මගේ අම්මාත් ගෑනියෙක් නිසා . බලමු උඹ හැදෙයි කවදා හරි නැත්තම් උඹේ නිදහස උඹට දීලා මම යන්නම් . )

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

ඔහොම කාලේ ගියා තවත් මාසයක් අපිටත් නොදැනීම ගත වෙලා හැබැයි මගේ බිරිඳගේ කිසිම වෙනසක් නෑ .
එයට වගකීම් ගැන බිරිඳකගෙන් සුවාම්යට වෙන් ඔනා යුතු කම් වගකීම් මොකුත් කරන්නේත් නෑ දන්නෙත් නෑ .

ගෙදර දොර වහලා මොකෝ දන්නේ නෑ සුදු නෝනා නැද්ද ගෙදර 😟😟

බලමු කොල් එකක් අරන් ...

හලෝ සුදු නෝනා කොහේද ඉන්නේ

මල වදයක්නේ මොකෝ මම කොහේ ගියත් තමුසේට

සුදු නෝනා මගේ ඉවසීම මනින්න එපා මන් හැම දෙයක්ම ඉවසන් ඉන්නකොට මම මොකෙක් කියලද හිතන්නේ ගෙදර වරෙන් දැම්ම😠😠

අද තමයි මම උඹට බැන්න පලවෙනි දවස. මට උඹව හදන්න බෑ මැණික මම උඹට උඹ හොයන නිදහස දීලා මම යන්නම් ඈතට 😢😢 උඹ ආදරේ නොකරට මම උඹට ආදරෙයි මැණික එත් අපිට අපි ගැලපෙන්නේ නෑ සුදු නෝනා සතුටින් ඉන්න ආයේ මාව දකින්න ලැබෙන්නේ නෑ මම රට යනවා . ලාච්චුවේ ඇතියි ඔයාගේ නිදහස මම යනවා හැබැයි මම ඔයාගේ තැන කාටවත් දෙන්නේ නෑ මැරෙනකල්ම උඹ තමයි මගේ එකම බිරිඳ ...........( කොල්ලා ලියුමක් ලියලා මේසේ උඩින් තියලා ආයේත් ලංකාවට නොයෙන්නම ලංකාවේන් ගියා )

රැ කෙල්ල ආවා ගෙදර දොරත් ඇරගෙන කාමරයට ගියා එත් කොල්ලා නෑ කෙල්ල මුළු ගෙදරම කොල්ලව හෙව්වා කෙල්ල ආයේ කාමරයට අවහම අහම්බෙන් දකිනවා මේසේ උඩ තියෙන ලියුම

ලියුම කියවලා ඉවර වෙන කොට කෙල්ලගේ ඇස් වලින් කඳුළු පෝලිමට වැටෙනවා 😢😢
කෙල්ල ලාච්චුව ඇරලා බැලුවා ඒකෙ තිබුනේ ඩිවෝස් පේපර් කෙල්ල හොඳට ඇඬුවා 😢😢
කෙල්ලට කෙල්ලගේ වැරදි තේරෙන කොට මේ ලෝකේ කෙල්ලට වැඩියෙන් ආදරේ කරන මහත්තයා මේ ලංකාවත් දාලා ගිහින් ඉවරයි 😢😢

එදා එහෙම මගේ මහත්තයා මාව දාලා ගිහින් අදට අවුරුදු 35ක් වෙනවා අවුරුදු 35හකින් මගේ මහත්තයා මගේ ළඟ ............ආයේත් ඇවිත් 😢😢

ඔවු සුදු නෝනා මම එදා උඹව දාලා ගියේ හිතේ ආවේගෙට මම හිතුව මගේ සුදු නෝනා මම නැතිව සතුටින් ඇතියි කියලා මම ලංකාවට ආපු ගමන් පුරුද්දට වගේ මෙහෙට ආවේ එත් හිතාගන්නත් බෑ
මගේ මැණික තාමත් තනියම අපේ ගෙදර ඉන්නවා

ඔවු මහත්තයෝ මට බිරිඳගේන් වෙන්න ඕනා යුතුකම් වගකීම් මහත්තයාට කරන්න බැරි වුනා මට මගේ වැරදි තේරෙන කොට මගේ මහත්තයා මාව දාලා ගිහින් ඉවරයි දැන් මේ ජීවිතයේ අවසාන කාලේ හරි මට මගෙන් මග ඇරුණු යුතුකම් ඉටු කරන්න දෙන්න මගේ මහත්තයා ළඟට වෙලා ........

මගේ සුදු නෝනා අපි දැන් වයසයි තමයි එත් අපේ හදවත් වයස නෑ ........... දැන් අපේ අන්තිම හුස්ම පොද අපි දෙන්නටම එකටම පිට කරන්න පුළුවන් ..මගේ නපුරු මනමාලියෙ.............

🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺
අපි ගොඩක් නපුරු කම් කරොත් අපේ නපුරු කම් ඉවසන්න බෑරිව අපිට ගොඩක් ආදරේ කරන අය අපේන් ඇත් වෙයි අපිට අපේ වැරදි තේරෙන කොට අපි ගොඩක් තනිවේලා වගේම අපේ ජීවිතයේ හොදම කළේත් නිකම්ම ගෙවිලා තියෙයි😢😢

By - Sandaruwan ahangam

උපුටාගැනීමකි

No comments:

Post a Comment

Bottom Ad [Post Page]