Full width home advertisement

ආදරණීය ලිපි පෙළ

අත්දැකීම් සමග ජීවිතය

Post Page Advertisement [Top]



"නංගි මං ඔයා ඉල්ලන ඕන දෙයක් දෙන්නම්...රැජිනක් වගේ ඔයාව බලාගන්න පුලුවන් මට...මම අපේ ගෙදරටත් ඔයා ගැන කියලා තියෙන්නේ......."
"සොරි අයියේ......"
"මං නංගි කැම්පස් ආවෙ ගෙදරින් බල කිරීමට...කැම්පස් අවුට් උණාම තාත්තගේ බිස්නස් බලාගන්න මට තියෙන්නේ...පවුලේ එකම දරුවා මම...."
කොල්ලා එක දිගට කියවන් යනවා...ඒත් කෙල්ල ඒ දේවල් නෑහුනා වගේ සොරි කියලා එතනින් යනවා....මේ දේ උනේ දවසක් දෙකක් නෙමෙයි....කෙල්ල දැන් කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ...කොල්ලා තර්ඩ් ඉයර්....හැමදාම කොල්ලා ආවේ අලුත් අලුත් කාර් වලින්....
"නංගි යමු...මාත් කැම්පස් එකටමයි යන්නේ......"
කොල්ලා කෙල්ලගේ බස් හෝල්ට් එක ලගදි කියපු වාර අනන්තයි....
"නෑ කමක් නෑ අයියේ මම බස් එකේ එන්නම්......"
කෙල්ලගෙන් හැමදාම ලැබුනේ ඒ උත්තරේ.....
"ඇයි බන් උබ දන්නෙ නැද්ද...ඒ අයියා පට්ට පොහොසත් බන්....ලේසියෙන් අල්ල ගන්න බැරි අත්තක්.....මට වගේ ඔය චාන්ස් එකක් ආව නම් මම දනී කරන වැඩේ....."
යාලුවෝ කෙල්ල එක්ක කොල්ල ගැන පුරසාරම් කියවනවා....
"ඉතින් එහෙනම් උබම අල්ලගනින්කෝ......."
කෙල්ල යන්නේ එයාගේ ලස්සන හිනාවත් එක්කම යාලුවන්ට විහිලුත් කරලා...කෙල්ල කෙල්ලගේ ඉගනීම් වැඩ ගොඩක් හොදින් උවමානවෙන් කරනවා....
දවසක් නිවාඩුවට ගෙදර යද්දි කොල්ලා කෙල්ලගේ ළගින් ඇවිත් කාර් එක නවත්තනවා...
"අදවත් යමුද....."
කෙල්ල හිනාවෙනවා....
"යමු....."
පළවෙනි වතාවට කෙල්ල කොල්ලගේ කාර් එකට නගිනවා...
"චුට්ටක් කතා කරලා යමුද නංගි...."
"හ්ම්ම්...."
කොල්ලට තටු ලැබුනා වගේ...
" කොහාටද යන්නේ නංගි....."
"ම්ම්ම්ම් ....."
කෙල්ල තැනක් කියනවා....පුන්චි කොෆි ශොප් එකක්.....ඇතුලට යද්දිම වගේ කොල්ලෙක් කෙල්ල ළගට දුවලා එනවා....ඒත් කෙල්ලත් එක්කම ආපු අනිත් කොල්ලව දැකල කොල්ල නවතිනවා...හැබැයි කෙල්ල යන්නේ ඒ කොල්ලා ළගටමයි.....
"ඇවිත් හුගක් වෙලාද අයියේ....."
"නෑ දෝණි......"
ඒත් මේසෙ උඩ තිබුන ඉවරවෙච්ච තේ කෝප්ප තුනෙන් කෙල්ලට තේරුනා කොල්ලා ඇවිත් ගොඩක් වෙලා කියලා...තුන් දෙනාම කොල්ලා හිටපු මේසෙන්ම වාඩි වෙනවා....
"කවුද නංගි මේ අයියද....."
කැම්පස් එකේ කොල්ලා අන්දමන්ද වෙලා....ඒ වගේම අනිත් කොල්ලත් එහෙමමයි....ඒත් එයා ඒක පෙන්නුවේ නෑ.....
"නෑ මේ මගේ අයියා නෙමෙයි...."
"එහෙනම්....."
"කවුරු කියලද හිතන්නේ....."
"බෝ.....බෝයි ෆ්‍රෙන්ඩ් ද...."
"නෑ....."
කැම්පස් කොල්ලගේ හිත ඇතුලේ මල් පූදිනවා....
"මේ මගේ අයියවත් බෝයි ෆ්‍රෙන්ඩ්වත් නෙමෙයි අයියේ....ම්ම්ම්ම් කොහොමද කියන්නේ....මේ ඉන්නේ මගේ අම්මා තාත්තා....සහෝදරයා ...මගේ... මගේ...කොටින්ම මෙ මගේ ජීවිතේ.....මගේ රත්තරන් මහත්තයා....."
කැම්පස් කොල්ලගේ හිතේ තිබුන මල් එතනම පරවෙනවා....
" ඔයා මාව රැජිනක් කරනවා කිව්වා නේද අයියේ....ඒත් මේ ඉන්නේ මගේ රජ්ජුරුවෝ.....එයා නැතුව මම රැජිනක් වෙන්නේ කොහොමද.....මං ඉල්ලන ඕන දෙයක් අරන් දෙන්නම් කිව්වා නේද....ඇත්ත ඔයා එහෙම කරයි....ඒත් මගේ මහත්තයත් මාව හුගක් සතුටින් තියයි....ඔයා දන්නවද මේ කැම්පස් එකට තේරෙද්දි මගේ පර්ස් එකේ තිබුනේ රුපියල් සීයයි...මේ දුප්පත් කාලකන්නි කෙල්ලට කැම්පස් එකට එන්න යට ඇදුම පවා අරන් දුන්නේ මගේ රත්තරන් මහත්තයා...."
"අනිත් කෙල්ලෝ වගේ පැය ගණන් අපි ෆෝන් වලින් මල් කැඩුවේ නෑ...හැමදාම හම්බවුනෙත් නෑ...මගේ මහත්තයා ඒ හැම කැපකිරීමක්ම කරේ මගේ අනාගතේ වෙනුවෙන්.....හැබැයි අපි අපිට හුගක් ආදරේ කරා...මාසේ අන්තිමට ගෙදර යන දවසක් එනකන් මගේ මහත්තයා ඇගිලි ගනිනවා...ඒයාගේ දෝණිව බලන්න..."
කෙල්ලගේ වගේම කොල්ලෝ දෙන්නගෙත් ඇස් තෙත් වෙනවා....
" එහෙම මගේ මහත්තයට මං වංචාවක් කරොත් මට මොනවා නොවෙයිද අයියේ......"
කැම්පස් කොල්ලා කදුලු පිහිදාන ගමන් නැගිටිනවා...
"මට සමාවෙයන් නංගී....කවදාවත් උබේ කොල්ලා තරම් උබට ආදරේ කරන්න බෑ මට....මං යන්නම් ...ඕන උදව්වක් ඕන වෙලාවක ඉල්ලන්න....ඒත් මං හිතන්නේ නෑ එහෙම ඕන වෙයි කියලා....උබල දෙන්නට දවසක කිරි උතුරයි කොල්ලෝ...මං ගියා....බුදු සරණයි...."
කොල්ලා නොපෙනී යනවා....
"එච්චරටම ආදරේද මැණික මට...."
"කොච්චරක්ද කියලා කියන්න බැරි තරම් ආදරෙයි මගේ මහත්තයෝ......"
කෙල්ල කොල්ලගේ දෝතම සිපගන්නවා....
"මං ආසම සුවද...."
"මේ දාඩිය ගදනේ මැට්ටියේ..."
"නෑ මට සූදයි....."
"ගොඩක් ආදරෙයි....."
"ම්ම්ම්ම්ම් මාත්......"

මේ ලෝකේ හැමෝම එක වගේ නෑ...ඒත් මේ වගේ ආදරයක්...ලේසියෙන් කෙනෙක්ට ලැබෙන්නෙත් නෑ....අනිත් අයටත් බලන්න ශෙයා කරන්න...
අමාරුවෙන් ටයිප් කරන්නේ..අදහසුත් කියාගෙනම යං...😍😍😍😍

-අමිත් චාමර-

උපුටාගැනීමකි

No comments:

Post a Comment

Bottom Ad [Post Page]