Full width home advertisement

ආදරණීය ලිපි පෙළ

අත්දැකීම් සමග ජීවිතය

Post Page Advertisement [Top]



මගේ රැජිණිය, ඔබ, මම, අප, කිසිවෙකු හුදෙකලා පුද්ගලයන් නොවෙයි, අපි සමාජ සත්වයන්ය, අපේ සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම්, හැසිරීම් රටාවන් ආදිය නිර්මාණය වන්නේ අපගේ සමීපතමයන් මගිනි. අපි කන බොන අඳින පළඳින, ලියන කියන, රටාවන් පවා යහළුවන් යෙහෙලියන් හේතුකොටගෙන වෙනස් වෙයි! එහෙම අය නැති අය ඇති අයට වඩා වෙනස්ය. සමහර වෙලාවට මිතුරන් මිතුරියන් ඇතිවන්නේ නැතිවන්නේ, ඒ සඳහා අවැසි කුසලතා අඩු වැඩි වීම නිසා වෙන්ට පුලුවන් ! ජය පරාජය, ඉවසීම, දයාව, කරුණාව, කැපකිරීම, අවංකකම  වැනි උතුම් ගුණාංග සහ අත්දැකීම් වලට හුරු වෙච්ච, වාසනාවන්ත, සුමිතුරු දෑත් දුලබයි, විරලයි, හමුවීම ආශ්චර්ය ජනකයි!

රැජිණියනි! මිත්‍රත්වයන් සදාකාලික නොවෙන්ට පුලුවන්, එත් ඒ මිතුදම් නිසා ඉතිරිවූ සටහන්, ජීවිතය පුරාවටම හැර නොයන්ට පුලුවන්, හරි අමුතු සිදුවීම් ජාලාවක්, සමහරු මිතුරන් සමග වැනසෙනවා, තවත් සමහරු මිතුරන් සමග සැනසෙනවා, මගේ රැජිණියනි! මිත්‍රත්වය දැන් පාරිභෝගික අයිතමයක් වී හමාරය! විපතේදී සියලු ගනුදෙනුකරුවන් විසිවී යනු ඇත, එහෙත් මිතුරු මිතුරියන් පමණක් ඉතිරිවෙනු ඇත.

මගේ රැජිණියනි, ඔබ හඬන විට සිනාසෙන්නට කියාදෙන්ට මට පුළුවන්කමක් නෑ මගේ රැජිණියනි, එත් මට එක වචනයක් නොකියා ඔබේ දෑත සුරැකිව මිරිකාගෙන සිටින්නට පුලුවන් මගේ රැජිණියනි, ඔබේ කඳුළුවල බර මගේ උරහිසට බරක් නොවන බවද මට දිව්රා කියන්ට පුලුවන් මගේ රැජිණියනි, කෝපවී රත්වගිය දෙනෙතින් බනිනවිට අවවාද නොදී හිඳින්නට පමණක් නොව ඒ කිසිවක් ගානකට නොගෙන සිටින්නටද හැකියි මගේ රැජිණියනි, ඔබ වැරදි පාපොච්චාරණය කරනවිට ගොළුවෙකු සේ මුවින් නොබැන විශ්වාසයේ දෙනෙතින් ඔබව අවදිකර තබන්නට හැකියි මගේ රැජිණියනි, එත් කවදාහරි දවසක ඔබ මට කතාකරන විට, නැවත නැවතත් කතාකරන විට, මම පිළිතුරු නොදුන්නොතින්, මම ඔබට නොඇසෙන දුරකින් සිටින බව ඔබ තේරුම් ගත යුතුයි මගේ රැජිණියනි.

මගේ රැජිණියනි, මිත්‍රත්වය නොපෙනී ගියද, හැර යන්නේ නැත, වලාකුළු නැති රැයක ගෙමිදුලේ අනේකවිධ රටා අඳින සඳ එළිය උඩ අපේ මිතුදමේ සිසිල හිඟ නොවෙනු ඇත, කතා නොකර අසා සිටින නිශාචර සඳ එළිය අපේ මිතුදමට පණ පොවනු ඇත.

source

No comments:

Post a Comment

Bottom Ad [Post Page]